Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

ප්ලාස්ටික් භාවිතයට එරෙහිව තරුණ ක්‍රියාකාරිත්වය

අද වන විට ඉතා සුලභව ජනතාව අතර පාරිභෝජනයට යොමු වී සිටින ප්ලාස්ටික් භාවිතය නිසා දිනෙන් දින පරිසරයට එකතු වන ප්ලාස්ටික් ප්‍රතිශතය ඉහළ ගොස් ඇත. මේ නිසා ස්වාභාවික පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී ජෛව පද්ධතිය ක්ෂය වීමේ තත්ත්වයට අවධානමට ලක්ව ඇත. මේ තත්ත්වය වටහා ගත් මන්නාරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ක්‍රියාකාරිත්වය මන්නාරම් ප්‍රදේශයේ සවුත් බාර් මුහුදු තීරයේ ප්ලාස්ටික් හරණ ක්‍රියාවලියක් දියත් කළහ. ඇත්ත වශයෙන්ම තරුණයින් පරිසරය පිළිබඳව සන්වේදි වෙමින් මෙවැනි ක්‍රියාවලි සදහා අවතීර්ණ වීම අගය කළ යුතු ක්‍රියාවකි. මෙම ශ්‍රමදානය සදහා මන්නාරම් දිස්ත්‍රික් තරුණයන් 17 දෙනෙකු සහ එම ව්‍යාපාරයේ ප්‍රියන්තා මහත්මිය ද සහ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතා ද තරණයින් සමග මෙම ක්‍රියාවලිය සාර්ථක කිර ගැනීමට සහය ලබා දුන්හ.