ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයට අයත් කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ තරුණියන්ගේ මාසික තරුණ හමුව 2021 පෙබරවාරි 09 වන දින කිලිනොච්චි ජයපුරම් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා තරුණ තරුණියන් 26 සහභාගි වූහ. මෙහිදි ඉදිරි මාසය තුළ තරුණ ව්‍යාපාරයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කළ එහිදි දිස්ත්‍රික්කයක් ලෙස ඉහළ තරුණ සහභාගිත්වයකින් තරුණ ක්‍රියාකාරකම් සිදු කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළේ ය. මෙම අවස්ථාව සදහා කිලිනොච්චි ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරක සදීෂ්වරම් මහතා ද එහි කාර්ය මණ්ඩලය ද සභාගි වූහ.