ආහාර ද අයිතිවාසිකමකි. අද වන විට ලෝකයේ බොහෝ පිරිසක් වෙත සුදුසු ආහාර වේලක් පවා නොමැතිව කුසගින්නේ මිය යන තත්ත්වයක් ඇත. ආහාර අයිතිය හා ආහාර සුරක්ෂිතතාවය අප කොතරම් කතා කළත් සාකච්ඡා කළත් එය මහ පොළොවේ පැළ කරන්නට අප සියලු දෙනා උත්සුක විය යුතුය. සටන් කළ යුතුය ජනතාව දිරි ගැන්විය යුතුය. ආහාර දිනය දිනයක් පමණක් බවට පත් නොකොට ආහාරයට සැබැ වැදගත්කමක් දෙමින් ආහාර අයිතිය සමාජය තුළ යථාර්ථයක් බවට පත් කරන්නට අප සියලු දෙනා කැප විය යුතුය. මේ සම්බන්ධයෙන් කාලින සාකච්ඡාවක් 2021 ඔක්තෝම්බර් මස 17 වන දින මුලිතිව් දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට කුමුලමනෙයි, කෝකිලායි සිලාවතුරෛයි, කේපාපිලව්, කිව්රාපුරම් සහ මුල්ලිවයික්කාල ආදී ප්‍රදේශවලින් ජනතාව 22 පමණ සහභාගි වු අතර එම ව්‍යාපාරයේ සම්බන්ධිකාරක එස්.පරතාස් මහතා සහභාගි විය. මෙම අවස්ථාවේදී ජනතාව වෙත ඇසුරුම් කළ ගුණාත්මක බීජ ලබා දීම සිදු විය.