Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

රුධිර පාරවිලනය වැඩසටහන යාපනය දිස්ත්‍රික් ධිවර සහයෝගිතා ව්‍යාපාරය, 2021.11.14

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ, යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතාවය රක්තහීනතාවය දුරලීම උදෙසා යාපනය ශික්‍ෂණ රෝහල සමඟ එක්වෙමින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන 2021 නොවැම්බර් මස 14 වන දින යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා කාර්යාලයේදී පැවැත්විණි. කොරෝනා වෛරසය පැතිර යන මෙවන් කාලයක රුධිරය ඉතා අත්‍යවශ්‍යය දෙයක් වන අතර ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ වෙනසක් සඳහා තරුණ ව්‍යාපාරය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර කාලීන අවශ්‍යතාවක් ලෙස හැඳින්විය හැක. මෙම ලේ දන්දීමේ කඳවුර කඳවුර සඳහා 30 ක ආසන්න පිරිසක් රුධිරය පරිත්‍යාග කරමින් සහය දැක්වූහ. මෙම අවස්ථාව සඳහා එම ධිවර සංවිධානයේ තරුණ පිරිස ද තඩ්සාජනි මෙනවිය ද චිත්‍රා මෙනවිය ද සම්බන්ධිකාරක ඉන්බම් මහතා ද සහභාගි වූහ.