"ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය වන අපගේ සාමාජිකත්වය අපගේ ශක්තියයි. විශේෂයෙන් සුළුපන්න ධීවරයින් ධීවර කාන්තාවන් තරුණ තරුණියන් ආදි ප්‍රජාවන් සමඟ අප කටයුතු කරයි. මෙහිදි සඳහන් කළ යුතු කරුණක් වන්නේ ධීවරයින්ට බලපාන කුමන කරුණක් සම්බන්ධයෙන් අපගේ මැදිහත් වීම අප සිදු කරනු ලබයි. Express Pearl නොෟකාව මීගමුවට ආසන්න මුහුදේ ගිලි යෑම නිසා විපතට පත් වූ ධීවර ප්‍රජාවට සහන සැලසීම මෙන්ම මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ද අප විසින් සිදු කරන ලදී. නාගරික පනත යටතේ මීගමුවේ විවිධ ස්ථාන රජයට පවරා ගැනීමේ උත්සහයේදී ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් කටයුතු කර එය වළක්වා ගත් අවස්ථා පවති. කාන්තාවන්ට මුහුණු දීමට සිදුවන සමාජ ආර්ථික දේශපාලන ගැටලු වෙනුවෙන් සෘජුව මැදිහත් වී කටයුතු අතර ඉන්දියන් ට්‍රෝලින් ගැටලුවට සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විරුද්ධව කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් 2019 අප්‍රියෙල් මස එල්ල වු අමානුෂිය ත්‍රස්ත ප්‍රහාරයෙන් විසුරුණු ජාතික සමගිය හා එහි මහ මොලකරු සොයා සාධාරණත්වය ඉල්ලා සෑම මසකම බාල්දි හන්දියේ උද්ඝෝෂණයක් පැවැත්වීම ද අප විසින් කළ ක්‍රියාකාරකම් අතර වේ............."
දීපා සුභාෂිනි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකාරිකා