හිටපු පළාත් ඉඩම් කොමසාරිස් කේ.කුරුනාතන් මහතා
නීතීඥ ප්‍රසාන්දිනි උදයකුමාරි
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රජා අභිලාෂ ජාලය විසින් සංවිධානය කළ පැරා ලීගල් වැඩසටහන ජුනි මස 09 වන දින සිට 11 වන දින දක්වා ත්‍රීකුණාමලය සර්වෝදය ශාලාවේදී පුද්ගලයින් 30 දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ මෙම දෙදින පුහුණු වැඩසටහනේ පළමුවන සැසිය හිටපු පළාත් ඉඩම් කොමසාරිස් කේ කුරුනාතන් මහතා විසින් මෙහෙවන ලදී එහිදි ඉඩම් හා ඉඩම් හඳුනාගැනීම ඉඩම් ආඥා පනත් ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු එම ඉඩම් ගැටලු ඇති වීමට බලපෑ ප්‍රධාන හේතු ජනතාව එම ඉඩම් ඉඩම් ගැටලු සඳහා මුහුණ දිය යුතු ආකාරය ඒ සඳහා ස්ථාපිත ආයතන පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් පළමුවන සැසියේදී ඔහු විසින් සහභාගිකයින් වෙත ලබා දෙන ලදී.
පුහුණු සැසියේ දෙවන දිනය නීතීඥ ප්‍රසාන්දිනි උදයකුමාරි විසින් මෙහෙය වන ලද අතර එහිදි නීති අංශය සම්බන්ධයෙන් ද මූලික අයිතිවාසිකම් හා ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ද ඇය විසින් සාකච්ඡා කළ ප්‍රැන්සිස් රාජන් මහතා හා ප්‍රියංකර කොස්තා විසින් පැරා ලීගල් හා මෙටා ලීගල් සම්බන්ධයෙන් හා ඒ අතර වෙනස සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී. පසුව සියලු සහභාගිකයින් සමඟ මේ කරුණු සම්බන්ධයෙන් ද පොදු සාකච්ඡාවක් පවත්වන ලදී මෙම දෙදින පුහුණු වැඩසටහන සඳහා යාපනය මුලතිව් ත්‍රිකුණාමලය අම්පාර මඉකලපුව කිලිනොච්චිය මන්නාරම පුත්තලම වතුකරයේ දෙනියාය යන දිස්ත්‍රික්කවලින් සහභාගි වූහ.