අම්පාර දිස්ත්‍රික්කයේ කිලක්කු සූරියන් කාන්තා සංවිධානයේ මාසික රැස්වීම කවඩාපිට්ටි ආලයිඅඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කවඩාපිට්ටි ගම්මානයේදී 2023 ජුනි මස 16 වන දින පැවැත්විණි. මෙම කාන්තා රැස්වීස සීතා මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්වු අතර ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මේ වර්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. තවද ත්‍රිකුණාමලයේ පැවැත්වු ඉඩම් පිළිබඳව වු නීති පුහුණුව සහභාගි වු තරුණයින් එම වැඩමුළුවේ වටිනාකම සම්බන්ධයෙන් සහභාගිකයින්ට පැහැදිලි කරන ලදී. පසුව කාන්තා මාසික රැස්වීම, සංක්‍රාන්ති යුක්තිය, නීල ආර්ථික, ජාත්‍යන්තර කම්කරු සම්මුතිය, ධීවර ප්‍රතිපත්තිය, ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ගෙවතු වගාව ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ස්වයං රැකියා ආහාර නිෂ්පාදනය ග්‍රාමීය ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කරන ලදී.