හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් රැකව කලපුවේ වර්තමානයේ ඇති වී ඇති ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් රැකව කලපු කළමනාකරණ කමිටුව සමග සාකච්ඡාවක් 2023 ජුනි මස 17 වන දින රැකව කලපු කළමනාකරණ කමිටු ගොඩනැගිල්ලේ කලපු ධීවරයින් 45 පමණ සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙහිදි රැකව කලපුවේ ඇති ඇති පෙද පාසි තත්ත්වය කඩොලාන විනාශය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් විය. මෙම පෙද පාසි අතර කටු පෙද ඉතාමත් අහිතකර ආකාරයෙන් කලපුවේ අනාගතය අත්හිටුවා ඇති අතර නානු පෙද ගස් පෙද නූල් පෙද ආදී පෙද වර්ග තිබුණ කපු පෙද තරම් එය අහිතකර නොවන බව සඳහන් විය. කෙසේ වෙතත් කරදිය හා මිරිදිය ජලය කලපුව එක් නොවීම ද රැකව කලපුව ආසන්නයේ පිහිටා ඇති ඉස්සන් වගාවට යොදන පොහොර වගාවෙන් මෙම පෙද වර්ග සුපෝෂණය වීම ද මෙයට ප්‍රධාන හේතු වෙන බව රැකව කලපු ධීවරයින්ගේ අදහස වේ පවුල් 130 පමණ සිය ජීවිකාව ගෙන යන මෙම කලපුව අද වන මෙම පෙද වර්ග හේතුවෙන් විනාශයට ගමන් කරන බව මෙම සාකච්ඡාවේදී මතු වි කරුණු අතර වේ. මෙම සාකච්ඡාවට රැකව කලපුවේ ධීවරයින් 45 පමණ සහභාගි වු අතර මාතර දකුණේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නිලධාරීන් ද ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා ද අශෝක කරුණාරත්න මහතා ද නුවන් ප්‍රදීප් ද කුසල් සහ බුද්ධිය යන අය සහභාගි වුහ මෙහිදි මෙම ගැටලුව ජනගත කොට අවම කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් සැලැස්මක් ද මෙහිදි සාකච්ඡාවට ලක් විය.