Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquaculture - 2022

තරුණ තරුණියන් අතර අත්දැකීම් හුවමාරු හා නායකත්ව පුහුණු වැඩසටහන - 2023 ජුනි මස 25/26, රානි බීච් හෝටලය

වාර්ෂිකව පවත්වන තරුණ තරුණියන් අතර අත්දැකීම් හුවමාරු සහ නායකත්ව පුහුණු දෙදින වැඩසටහන ජුනි මස 24 සහ 26 තෙදින පුරා පැවැත්වුණි. එහිදි ප්‍රථම දිනයේදී ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණි සාමය සහ ප්‍රජා ක්‍රියාකාරිත්වය (Peace and Community Action- PCA) ආයතනයෙන් පැමිණි තරුණ තරුණියන් පිළිගැනීමෙන් අනතුරුව සහභාගිකයින් හඳුනාගනිමින් ආයතනයේ දෙකේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කෙටි දේශනයක් පවත්වන ලදී. 
 
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ තරුණ ක්‍රියාකාරිත්වය එහි සම්බන්ධිකාරක ප්‍රදීප් ලක්සිරි මහතා ද අප ව්‍යාපාරයේ ගමන් මඟ පිළිබඳව පරිපාලන ලේකම් ප්‍රදීප් වනිගසූරිය මහතා ද ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් එහි සම්බන්ධිකාරිනි සුභාෂිනි දීපා මෙනවිය ද හා තරුණ ක්‍රියාකාරිත්වය පිළිබදව වින්සන් ප්‍රනාන්දු මහතා ද කෙටි අදහස් දැක්වීමක් සිදු කළ අතර PCA ආයතනයේ පස්කර් මහතා PCA ආයතනය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන ලදී. දෙවන දිනයේ ක්‍රියාකාරකම් සඳහා කණ්ඩායම් ගත කිරීමෙන් පසු ප්‍රථම දිනයේ වැඩසටහන් නිමාව සනිටුහන් විය මෙම අවස්ථාව සඳහා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කාරතුමන් වන හර්මන් කුමාර මහතා සහ තරුණ තරුණියන් 70 අධික පිරිසක් ද තරුණ තරුණියන් කිහිප දෙනෙකුද සහභාගි වූහ.