වාර්ෂිකව පවත්වන තරුණ තරුණියන් අතර අත්දැකීම් හුවමාරු සහ නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන දිනයේදී මීගමුව කලපුව හා එහි අවට ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් මුළුමනින්ම විනාශ වී තිබෙන ආකාරය තරුණ තරුණියන්ගේ නිරීක්ෂණයට ලක් විය. මෙහිදි මීගමුව කලපුවේ ප්ලාස්ටික් හේතුවෙන් කලපුවේ කඩොලාන පද්ධති විනාශයට යමින් තිබෙන ආකාරයත් නිරීක්ෂණය විය.